Education Ministry on Scholarship Results 2020

Education Ministry on Scholarship Results 2020 
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිළිබඳ 
අධ්‍යාපන අමාත්‍යාංශය 
புலமைப்பரிசில் பெறுபேறுகள் 
தொடர்பாக கல்வி அமைச்சு
Education ministry has issued a summery report on Scholarship exam which was held on 11 Oct 2020. 
Tamil Summery has been given at the bottom, தமிழ் சுருக்கம் கீழே வழங்கப்பட்டுள்ளது.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙයි ශිෂ්‍යත්ව සමතුන් 20,250කට මෙවර ශිෂ්‍යාධාර…

2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් ය.
ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන ලද අතර, කොවිඩ් දෙවන රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරිනීති මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවිය. විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසුදරුවන් තිදෙනෙක්, කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක් සහ අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙදෙනෙක්, විභාගය සඳහා පෙනී සිටියහ.
කොවිඩ් පිළිබඳ කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ, සියලු ම ප්‍රවාහන අංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඇතුළු බොහෝ ආයතන වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මෙවර විභාගය පැවැත්වීමට සහ අදාළ ඇගයීම් කටයුතු පවත්වාගෙන යාමට පූර්ණ සහාය ලැබිණි.
ඒ අනුව, ඇගයීම් මණ්ඩල 390ක් තුළ පරීක්ෂකවරුන් 4680ක් සම්බන්ධකරගනිමින් දින 08ක කාලයක් ඇතුළත මෙම විභාගයේ ඇගයීම් කටයුතු සිදුකරන ලදී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 100%ක් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටී. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා හෝ සෘජුවම www.results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිස ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හා මුද්‍රණය කරගැනීමට ද අවස්ථාව සලසා ඇත.
රට තුළ පැවති වාතාවරණය හමුවේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් විභාගයට පෙනී සිටි සියලු දූපුතුන්ටත්, විභාගය පැවැත්වීමට සහාය වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවයන්ටත්, ජනතාව දැනුවත් කිරීම් වෙනුවෙන් පූර්ණ සහාය පළ කළ සියලු මාධ්‍ය ආයතනවලටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය කෘතවේදී ස්තුතිය පළ කරයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ මුලු ලකුණු 200ම ලබාගනිමින් 100% ප්‍රතිඵල වෙත ළඟා වූ සිසුන්ගේ නාම ලේඛනය පහත සඳහන්ව ඇත.
නම පාසල
  1. එම්.එෆ් මොහොමඩ් අමර් මරදාන සහිරා විද්‍යාලය
  2. ඒ.එච් සිහත් සන්දිනු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
  3. දෙව්ලි යසස්මි තිලකරත්න ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය
  4. එම්.ඩී.එච් සස්මිත ගුණතිලක කලුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය
  5. එස්.ඩී. සියති විතුම්සා ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය
  6. ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ
  7. පී.කේ.දොවිඳු චිරන්ජිත් ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය
  8. ච්.එම් සෙනුදි දම්සරා ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය
  9. එච්.එම් තේනුජ මනුමිත බණ්ඩාර පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලය
  10. යෙහාර යෙත්මිණි ඈපා මහනුවර උසස් බාලිකා විද්‍යාලය

 guruwaraya.lk

புலமைப்பரிசில் சித்தியடைந்த 20 250 பேருக்கு புலமைப்பரிசில்.
2020.10.11 ஆம் திகதி நடைபெற்ற புலமைப்பரிசில் பரீட்சையின் பெறுபேறுகள் கடங்த 15 ஆம் திகதி வெளியிடப்பட்டன.  இதில் 20, 250 மாணவர்கள் புலமைப்பரிசில் பெற தகுதி பெற்றுள்ளனர். இதில் விசேட தேவையுடைய மாணவர்கள் 250 பேரும் உள்ளடங்கும்.

 இம்முறை 331, 741 பேர் விண்ணப்பித்து இருந்தனர்.  இதில் 326, 264 மாணவர்கள் பரீட்சை எழுதினர். guruwaraya.lk

10 மாணவர்கள் 100 % புள்ளிகளைப் பெற்றுள்ளனர். அனைத்து மாகாண பணிப்பாளர்கள், வலய கல்வி பணிப்பாளர்கள், அதிபர்கள் யாவரும் தமக்கு வழங்கப்பட்டுள்ள பயநர் கணக்கு, கடவுச்சொல் (Username and Password) பயன்படுத்தி பரீட்சைத் திணைக்கள இணையத்தளத்தில் பிரவேசித்து தமது பெறுபேற்று அட்டவணைகளை பதிவிறக்கம் செய்து கொள்ளலாம்.

இம்முறை புலமைப்பரிசில் பரீட்சையில் 200 புள்ளிகளைப் பெற்ற மாணவர்கள் விபரம்.

  1. எம்.எப். மொஹமட் அமர் – மரதான ஸாஹிரா கல்லூரி
  2. ஏ.எச். சிஹத் சன்தினு – பன்னிபிடிய தர்மபால வித்தியாலயம்
  3. தெவ்லி யஸஸ்மி திலகரத்ன – இங்கிரிய சுமனஜோதி கனிஸ்ட வித்தியாலயம்
  4. எம்.டி.எம். ஸஸ்மித குனதிலக – களுத்துறை, பண்டாரகம மத்திய கல்லூரி guruwaraya.lk
  5. எஸ். டி. சியதி விதும்ஸா – காலி சங்கமித்தா பெண்கள் கல்லூரி
  6. டப்ளியூ. ஏ. தஸிது கவிஸான் – தங்கல்ல மாதிரி ஆரம்ப வித்தியாலயம் – கதுருபொக்குன
  7. பீ.கே. தொவிது சிரன்ஜித் – எம்பிலிபிடிய ஜனாதிபதி மத்திய கல்லூரி
  8. எச். எம். செனுதி தம்சரா – எஹலியகொட ஆரம்ப பாடசாலை
  9. எச்.எம். தேனுஜ மனுமித பண்டார – பொலன்னறுவை சிரிபுர ஆரம்ப பாடசாலை
  10. யெஹார யெத்மினி ஏபா – கண்டி உயர் பெண்கள் கல்லூரி

 

Source:Gruruwayala.lk

Leave a Comment