News

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 848 දක්වා ඉහ…

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 848 දක්වා ඉහළට …
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.
පේරාදෙණිය, ගැටඹේ‍ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් මා වෙත භාර දුන්හ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Balance of the COVID – 19 Fund reaches Rs. 848 million
With corporate and individual donations and direct donations, the COVID – 19 Healthcare and Social Security Fund‘s balance has now surpassed Rs. 822 million.
The Chief Incumbent of Gatambe Rajopavanaramaya in Peradeniya Ven. Kappitiyagoda Siri Wimala Thero handed over Rs. 01 million to me at presidential secretariat today(23).
Recent donations made to the Fund included Rs. 10 million by Lanka Mineral Sands, Rs. 01 million each by Mr. J. H. T. M. Abeysinghe and Sri Lanka Marketing Institute, Rs. 5.4 million by Ceylon Petroleum Corporation, Rs. 6.2 million by Ceylon Petroleum Wholesale Storage Terminal and Rs. 500,00 by Sri Lanka Industrial Development Board.
All the donations will be credited to the special account opened under the number 85737373 at the Corporate Branch of the Bank of Ceylon. Local as well as foreign donors have made their contributions to the Fund. Donations to COVID – 19 Healthcare and Social Security Fund have been exempted from taxes and foreign exchange regulations. Deposits can be made through cheques or telegraphic transfers.

#gotabayarajapaksa #GRSM #COVID19SL #healthcareandsecurityfund #TogetherWeCan #අපිටපුළුවන්





Source

How to earn money online

Leave a Comment