News

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙ…

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට මම සහභාගි වුනෙමි.
විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිතර වීමට හැකිවිය.
ආගමික වතාවත්හි නිරත වී සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මම විශේෂ සමරු සටහනක් ද තැබීමි.
සාධාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රාණුකූලව සර්ව රාත්‍රික ධර්ම දේශනයට ආරාධනා කිරීමද සිදු කෙරිණ.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි ස්වාමින් වහන්සේ, ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික ස්වාමින් වහන්සේ ප්‍රධාන දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩම කළ මහ සංඝරත්නය ඊට එක්ව සිටියහ.

#gotabayarajapaksa #GR #GRSM #nationalvesakcelebrations #vesakpoyaday #srilanka #preaidentofsrilanka






Source

How to earn money online

Leave a Comment